Branch Manager / ශාඛා කලමණාකරු

Lanka Electricity Company (Private) Limited / සී/ස ලංකා විදුලි (පෞද්ගලික) සමාගම


ශාඛා කලමණාකරු / Branch Manager,

සී/ස ලංකා විදුලි (පෞද්ගලික) සමාගම / Lanka Electricity Company (Private) Limited


ඊ-විදුලි බිල්පත් පහසුකම ලබා ගැනීම / e-Electricity Billing Enrollment Form

මාගේ පරිශ්‍රයට පැමිණ විදුලි මණුව කියවීම හා විදුලි බිල්පත ලබා දීම අත්හිටුවා, ඊ-විදුලි බිල් සේවාව මාගේ නම යටතේ ඇති විදුලි ගිණුම සඳහා පහත ඊ-මේල් ගිණුමට සක්‍රීය කරන්න.

I hereby request to terminate manual meter reading, hand delivered bill facility and enabling e-Electricity billing feature for the following electricity account under my name to the email address given.





වෙනත් පුද්ගලයෙකු ඊ මේල් හරහා ඊ-විදුලි බිල් සේවාව සඳහා නම් කිරීම :

Nominate a person to receive e-Electricity Bill via email :

මාගේ ඊ-විදුලි බිල ලබා ගැනීම සඳහා මා වෙනුවෙන් පහත සඳහන් පුද්ගලයා නම් කරමි. එසේ වුවත්, බිල්පත ලබා ගැනීම හා ගෙවීම පිළිබඳ සියළු වගකීම් මා සතු බව දන්වා සිටිමි. නම් කල පුද්ගලයා වෙනස් වන්නේ නම් ඒ බැව් යාවත්කාලීන කිරීමටද එකඟ වෙමි.

I hereby nominate following person to receive e-Electricity bill on behalf of me. I take all the responsibilities as of receiving the electricity bill to me and the settlement of due charges with respect to the electricity account given above. I also assure promptly updating the change of nominee.

පහත සඳහන් ලෙකෝ ඊ-විදුලි බිල්පත් සේවාව සම්බන්ධ නියමයන් හා කොන්දේසි වලට එකඟ වෙමි /

I hereby agree the following terms and conditions of the e-billing facility provided by LECO


සී/ස ලංකා විදුලි (පෞද්ගලික) සමාගම මගින් ලබාදෙනු ලබන ඊ-විදුලි බිල්පත සඳහා වූ නියමයන් හා කොන්දේසි /

Terms and Conditions of E-Billing Facility Provided by LECO

මාගේ ඉල්ලීම මත සී/ස ලංකා විදුලි (පෞද්ගලික) සමාගම ( මෙතැන් සිට ලෙකෝ සමාගම නමින් හඳුන්වන) මගින් මා වෙත ලැබිය යුතු මාසික බිල්පත මා විසින් පවත්වාගෙන යනු ලබන හෝ මා විසින් නම් කරනු ලබන අය විසින් පවත්වාගෙන යනු ලබන ඊ-මේල් ලිපිනයට යොමු කිරීමට එකඟ වී ඇත. ලෙකෝ සමාගම විසින් මාගේ ඊ-මේල් ලිපිනය වෙත යොමු කරන විදුලි බිල්පත් නීත්‍යානුකූලව සහ නිවැරදිව සකසනු ලැබු විදුලි බිල්පත් බවට මා විසින් පිළිගනිමි. එසේම මගේ විදුලි බිල්පතේ මුද්‍රණය කර ඇති විසන්ධි කිරීමේ දැන්වීමක් අඩංගු විය හැකි බවට මම මෙයින් තවදුරටත් එකඟ වන අතර විදුලි බිල ලැබීමට වෙනත් අයෙකු නම් කරනු ලැබුවද හිඟ මුදල් පියවීමේ සියලු වගකීම් මම දරමි. ලෙකෝ සමාගම විසින් මා වෙත යොමු කරනු ලබන විදුලි බිල්පත්වල සඳහන් තොරතුරු සම්බන්ධයෙන් මා විසින් කිසිඳු විරෝධතාවයක් නොදක්වන අතර එසේ ඊ-මේල් පණිවුඩ මගින් මා වෙත එවනු බලන විදුලි බිල්පත් සම්බන්ධයෙන් වන සම්පුර් ණ අවධානම සහ වගකීම ගෑනීමට මා බැඳී සිටිමි. ලෙකෝ සමාගම මගින් මා වෙත යොමු කරණු ලබන විදුලි බිල්පත ඊ-මේල් මගින් යොමු කිරීමේදී කිසිඳු පෞද්ගලිකත්වය හෝ ආරක්ෂාව සම්බන්ධයෙන් වන කරුණකදී ලෙකෝ සමාගම වග නොකියන බවට මා දන්නා බවටත් එයට විරුද්ධත්වයක් නොමැති බවටත් එකඟ වෙමි. මාගේ ඉල්ලීම මත ලෙකෝ සමාගම මගින් මා වෙත ඊ-මේල් පණිවුඩයක් ලෙස යොමු කරන විදුලි බිල්පතෙහි සඳහන්ව ඇති කිසිඳු කරුණක් වෙනුවෙන් ලෙකෝ ආයතනයට එරෙහිව යම් අයිතිවාසිකමක් ඉල්ලීම, නීතිමය ක්‍රියාමාර්ගයකට එලඹීම, වගකීම් දැරීම, නඩු මාර්ගයට එලඹීම, පාඩු හෝ වන්දි ඉල්ලා නොසිටින අතර ලෙකෝ සමාගම එම වගකීමෙන් නිදහස් කරනු ලබන බවට එකඟ වෙමි. මෙකී සේවාව ලබා දීම සම්බන්ධයෙන් ලෙකෝ සමාගම විසින් කලින් කලට මා වෙත යොමු කරණු ලබන සේවා ගාස්තු ගෙවීම සඳහා මා මෙයින් එකඟ වෙමි. ඉහත එකඟතාවය අනුව ලෙකෝ සමාගම මගින් මා වෙත සපයනු ලබන සේවාවේ, මා වෙත නොදන්වා කරනු ලබන ඕනෑම සේවා වෙනස් කිරීමක් කරණු ලැබීම සඳහා ලෙකෝ සමාගම වෙත මා මෙයින් බලය පවරමි. එසේම ලෙකෝ සමාගම මගින් මා වෙත සපයනු ලබන සේවාවේදී මාගේ ඊ-මේල් ලිපිනයේ කුමන හෝ වෙනස්වීමක් හෝ මෙම සේවාව තවදුරටත් අවශ්‍ය නොවන විටදී සාමාන්‍යාධිකාරී, සී/ස ලංකා විදුලි (පෞද්ගලික) සමාගම, 411, E. H. කුරේ බිල්ඩිම, ගාලු පාර, කොළඹ 03 යන ලිපිනයට ලිඛිතව දැන්වීමට එකඟ වෙමි. ලෙකෝ සමාගම විසින් මා වෙත සපයනු ලබන සේවාවේදී දත්ත වෙනස්වීම්, ක්‍රියාකාරත්වය ඇනහිටීම්, දත්ත ලැබීම ප්රමාද වීම් සම්බන්ධයෙන් ලෙකෝ සමාගම වගකීමට යටත් නොවන බව මා දන්නා අතර එකී දත්ත අවශ්යන අවස්ථාවකදී යාවත්කාලීන කිරීමට සමාගමට බලය ඇති බවට පිලිගනිමි. ලෙකෝ සමාගම විසින් මා වෙත සපයනු ලබන සේවාවේදී අවශ්‍ය අවස්ථාවල සමාගම මගින් කරනු ලබන පාරිභෝගික දැනුවත්කිරීමේ වැඩසටහන් (නිවැරදි විදුලි භාවිතය, බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිතා කිරීම) සේවාවන් උසස් තත්වයෙන් පවත්වාගෙන යාමට කරනු ලබන වැඩසටහන් මා වෙත ඊ-මේල් මගින් එවීමේ අයිතිය සමාගම සතු බවට පිලිගනිමි. එසේම ලෙකෝ සමාගම මගින් මා වෙත සපයනු ලබන ඊ-මේල් මගින් විදුලි බිල්පත් යොමු කිරීමේ සේවාව සමාගමට අවශ්‍ය ඕනෑම මොහොතක දී පැරණි ක්‍රමය වන ස්ථානයට පැමිණ විදුලි මනුව කියවීමෙන් පසු බිල්පත් බෙදා හැරීමටත් බලය ඇති බව පිළිගනිමි. මෙම ගිවිසුම මා විසින් ලෙකෝ සමාගම සමඟ බලපැවැත්වෙන විදුලිබල සැපයුම් ගිවිසුමේ අනිවාර්ය අංගයක් ලෙස සලකනු ලබන බව හෝ සලකනු ලබන බවත්, මෙයින් වෙනස් කර හෝ සංශෝධනය කර නොමැති නම් එකී මුල් විදුලි සැපයුම් ගිවිසුමේ අනෙකුත් සියලුම නියමයන් සහ කොන්දේසි පූර්ණ බලයෙන් හා බලපැවැත්වෙනු ඇති බවත් ප්රකාශ කර තහවුරු කරමි.


In consideration of Lanka Electricity Company (Private) Limited (hereinafter referred to as LECO) agreeing to accept my request for sending my monthly electricity bill to my email address or my nominee’s email address, I hereby agree that all electricity bills whether through e-Bill service or other means of transmission sent by LECO for my Electricity Account shall be accepted and upheld by me as correct and authenticate. I hereby further agree that my electricity bill may contain Disconnection Notice printed on it and I take all responsibilities of settling the dues even if other person is nominated to receive the electricity bill. I declare that I shall not raise any objection against LECO on its agreeing the same and fully accept the risk and responsibility of electricity bills transmitted by LECO via electronic mail. I agree and acknowledge that LECO does not warrant against any external factors affecting the privacy and /or security of emails during electronic transmission. I also agree to keep LECO indemnified against all actions, proceedings, liabilities and claims, cases, damages, costs and expenses in relation to or arising out of so accepting my request by LECO and LECO transmitting electricity bill and information through email. I further agree to pay all fees and charges, which LECO may impose from time to time in connection with the service in the manner stipulated by LECO. I also authorize LECO to add, discontinue or vary any of the service from time to time without any notice to me. I assure LECO that I shall inform in writing of any change in my email address or any request for discontinuation of this facility to The General Manager, Lanka Electricity Company (Private) Limited, E.H. Cooray Building, 411, Galle Road, Colombo 03, Sri Lanka. I further expressly agree and acknowledge that LECO shall not be liable or responsible for data corruption, delay and/or interception of the information so given and that LECO reserves the right to update and vary such information from time to time and at any time. I also authorize LECO to send awareness (Electrical Safety, Energy Saving, Demand Side Management etc.), advertising and Promotional Materials to my email address through email, the promotional window of the service. I agree that LECO has the right to terminate this e-Electricity bill service at any time and restore manual electricity meter reading and billing service. I declare and confirm that this agreement shall be treated as or deemed to be an integral part of the Electricity Supply Agreement that I have executed with LECO and that all other terms and conditions of the Electricity Supply Agreement that have not been changed or modified by this agreement shall remain in full force and effect.